ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට

Report

2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වාහන ආනයනය වෙනුවෙන් වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළත් මෙම ආනයන වියදම, 2026 ජූනි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේදී මාසයක් තුළ 32%කින් පමණ ඉහළ ගොස් ඇත.

එමෙන්ම මහ බැංකුවේ 2026 ජූලි මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවට අනුව, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,495ක් වශයෙන් වාර්තා වී තිබෙනවා.

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

තවද 2026 ජූලි මාසයේදී සමස්ත වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 2,251ක් වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 19.6%ක වැඩිවීමක් බවද මහ බැංකු දත්ත පෙන්වා දී ඇත.

එසේම 2025 වසර පුරා වාහන ආනයනය සඳහා වැය වූ සමස්ත මුදල ඩොලර් බිලියන 2.04ක් වූ බව දත්ත අනුව වාර්තා වේ.

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි