ඩුබායිවල සිටින මේ පුද්ගලයින් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිල නිවේදනයක්

Report

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් වන කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ, වනාතේ චතූ සහ බස් ලලිත් අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව, පසුගිය වසරේ අත්අඩංගුවට පත් වූ බස් ලලිත් නමැත්තා එළැඹෙන සඳුදා (24) මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

“ඇය පීඩිත මිනිසුන් වෙනුවෙන් බලාපොරොත්තුවේ හඬ දැල්වූවා”- නන්දා මාලනිය ගැන නලින්දගෙන් සංවේදි කතාවක්

“ඇය පීඩිත මිනිසුන් වෙනුවෙන් බලාපොරොත්තුවේ හඬ දැල්වූවා”- නන්දා මාලනිය ගැන නලින්දගෙන් සංවේදි කතාවක්

අත්අඩංගුවට පත් වූවන් අතුරින් 'කොණ්ඩ රංජි' නැමැත්තා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට චෝදනා ලබා සිටින්නෙකි.

එමෙන්ම 'ඇල්ටෝ ධර්මේ' නැමැත්තා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා මහතාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද, 'වනාතේ චතූ' නැමැත්තා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසකට ද චෝදනා ලබා සිටින ප්‍රධාන සැකකරුවෝ වෙති.

ආනවිලුන්දාව අභය භූමියේ ගින්න හෙක්ටයාර් 3,000ක ගින්නක්

ආනවිලුන්දාව අභය භූමියේ ගින්න හෙක්ටයාර් 3,000ක ගින්නක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම ඔස්සේ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු කණ්ඩායම විසින් හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසකට චෝදනා ලබා සිටින 'බස් ලලිත්' ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට කැඳවාගෙන ඒමට නියමිතය.