ආනවිලුන්දාව අභය භූමියේ ගින්න හෙක්ටයාර් 3,000ක ගින්නක්

Report

ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ හටගත් දැවැන්ත ගින්න අක්කර 8ක ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.

රජයේ කඩිනම් මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමෙන් හෙක්ටයාර 3,000 කට අධික පරිසර පද්ධතිය විනාශ වීම වළක්වා ගැනීමට හැකි වී තිබේ.

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් වෙයි - ප්‍රදේශ කිහිපයකට වැසි තවත් තැනකට තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් වෙයි - ප්‍රදේශ කිහිපයකට වැසි තවත් තැනකට තද සුළං

වියළි කාලගුණය සහ තද සුළං හමුවේ දින දෙකක් පුරා පැතිර ගිය මෙම ගින්න පාලනය කිරීම සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කළ දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ජලය ඉහීමට කටයුතු කරන ලදී.

ගින්න නිවා දැමීමෙන් අනතුරුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර, ගින්න පිටුපස කිසියම් හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පවතින්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, වරදකරුවන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සියලුම ලාංකිකයන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - මෙම සේවාව යළි ක්‍රියාත්මක වේ

සියලුම ලාංකිකයන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - මෙම සේවාව යළි ක්‍රියාත්මක වේ