මන්නාරමෙන් තෙල් ගන්නයි හදන්නේ එහෙනම් තෙල් මිලත් බහීද?

Report

රජය විසීන් තෙල් කැණීම් අලුතින් එම කටයුතු ප්‍රවර්ධනය කිරීමටත්, එම කටයුතුවලදී සිදු වී ඇති දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කිරීමටත් තීරණය කර ඇත.

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

ඒ සදහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති අතර ටෙන්ඩර් කැඳවීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වුවද, යළිත් එය දීර්ඝ කර ඇත.

ඊට අමතරව තෙල් කැණීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, බලශක්ති අමාත්‍යාංශයේ හිටපු බලධාරීන් විසින් මන්නාරම් ද්‍රෝණියේ සහ කාවේරි ද්‍රෝණියේ එම කැණීම් කොටස් වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව වෙනම විමර්ශනයක් පැවැත්වීමටද නියමිතය.

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

නඩුවට පෙර එහි පැවැති කොටස් 15 වෙනස් කොට, අතුරු තහනම් නියෝගයට පිටින් යමින් එය කොටස් 500කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කරයි.

ශ්‍රී ලංකාව අවට මුහුදේ තෙල් ඇති බවට දශක ගණනාවක් තිස්සේ වාර්තා පළ වූ අතර, පසුගිය කාලයේදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම හිමිකාරිත්වය සහිත සමාගමක් මැදිහත් වී පර්යේෂණ පැවැත්වීය.

පැනලා ගිය ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අනාවරණ රැසක්

පැනලා ගිය ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අනාවරණ රැසක්

ඉන් පසු එම සමාගමට ලබාදුන් අවසර පත්‍ර හදිසියේ වෙනස් කෙරිණි. මේ හේතුව නිසා අදාළ සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ අතර, එම නඩුවේදී අදාළ තහනම් නියෝගය ලබා දුන්නේය.