අද රට පුරා සෑම රාජ්‍ය ආයතනයකම කළ යුතු දේ..මුළු රටම විශේෂ දිනයක් වෙයි..

Report

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ, රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක පසුගිය ඉරිදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

ඉරාන ජනපති මියගිය අතරේ ලංකාවට ආ විශේෂ දේ මෙන්න..සංවේදී සිදුවීමක්.

ඉරාන ජනපති මියගිය අතරේ ලංකාවට ආ විශේෂ දේ මෙන්න..සංවේදී සිදුවීමක්.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනාම අනතුරින් මියගොස් ඇති බවයි.

උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි, ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.