පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හෙළි කල තොරතුරු

Report

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ එළැඹෙන වසරේ සිට පෙර පාසල් සඳහාද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව එළැඹෙන වසරේ සිට සියලු පෙර පාසල් සඳහා එක් විෂය මාලාවක් යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අද (05) පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පැවසුවේය.

පැය 48කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශ සඳහා විශේෂ නිවේදනයක්

පැය 48කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශ සඳහා විශේෂ නිවේදනයක්

ඒ අනුව පෙර පාසල් සඳහා විවිධ වූ අධ්‍යාපනික ක්‍රම එළැඹෙන වසරේ සිට ඉගැන්වීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

"අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අමාත්‍යාංශය තමයි ප්‍රධාන වශයෙන්ම රටේ මානව සම්පත පිළිබඳව වගකියන්නේ. දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් අධ්‍යාපනයටත් අපි ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ලබන අවුරුද්දේ ඉඳලා පෙර පාසල් අධ්‍යාපනයටත් අපි එක විෂය මාලාවක් තමයි හඳුන්වලා දෙන්නේ. ඒක ලබන අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා. මින් පස්සේ පෙර පාසල්වල එක එක ඒවා උගන්වන්න බෑ.. මේකත් එක්ක අපි මේ අවස්ථාව වනවිට ඉතාම දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා සියලු කරුණු තේරුම් අරගෙන දැනට පවතින ක්ෂේත්‍ර තුනේම පවතින අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන්න."

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්