දිවයින පුරා පාසල් දහසක් පමණ වසාගෙන කොළඹ දෙවනක් කරන්න හදපු ගුරු - විදුහල්පති සටන ගැන ආපු අලුත්ම ආරංචිය.

Supreme Court of Sri Lanka Ceylon Teachers Service Union Teachers
By Wayomi Jun 26, 2024 06:04 AM GMT
Wayomi

Wayomi

Report

අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවටත් අධිකරණයෙන් නියෝගයේ සඳහන්ය.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.


මේ අතර පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1X පරිචේදයේ ප්‍රතිපාදන පරිදි හා විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇත.

මේ අතර නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බව ද අධිකරණ නියෝගයේ සඳහන්ය.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"


ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය සඳහන් කර සිටියා.

එමෙන්ම සියලුම ගුරු - විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවත් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා.

අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා තිබුණා.

දරුවන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ සමග මෙලෙස ගුරු - විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබෙනවා.