මෙවර ගුරුවරුන් බඳවා ගැනීම ගැන හරිනිගෙන් ප්‍රකාශයක් - පත්වීම් දුන් පසුත් නියමිත පාසලේ වසර 5ක සේවය අනිවාර්ය කරයි

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව වතු ආශ්‍රිත පාසල් පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (09) දින පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කර තිබුණා.

දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්‍රිත පාසල්වලට සිදුව ඇති හානිය සහ ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත්, වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් පිළිබඳ පවතින ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය සහ යළි ඉදිකිරීම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත.

එමෙන්ම දිට්වා සුළිකුණාටුවෙන් පූර්ණ හානි, අර්ධ හානි සිදු වූ සහ වෙනත් ස්ථානයකට ගෙන යායුතු ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් පාසල් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ අතර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දී සිටියේ දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් පාසල් යළි යථා තත්ත්වයට පත්කිරීමට රජය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් ය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ,

"දිට්වා සුළිකුණාටුවෙන් පසු පළාත් සභා හරහා විවිධ තොරතුරු ලබා දීමට නිලධාරීන්ට සිදුව තිබෙනවා. ඒනිසා අමාත්‍යංශය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කර දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට අනියුක්ත කළ පමණින් සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. ඒ දරුවන් නිවැරදව පාසලට පැමිණෙනවාද?, අධ්‍යාපනය ලබනවද? , ඔවුන්ට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා මොනවද? කියලා පසුවිපරමක් සිදු කරන්න අවශ්‍යයි. සමහර පාසල්වලට දරුවන් අනියුක්ත කළත් දරුවන් පාසලට ගිහින් නැහැ ඒ දරුවන්ට මොකක්ද වුණේ කියලා කඩිනමින් සොයන්න.

දිට්වා කුණාටුවෙන් බැටකාපු හැමෝටම රජයෙන් සුපිරි සහන මල්ලක් - අගමැතිනිගෙන් පොරොන්දුවක්

දිට්වා කුණාටුවෙන් බැටකාපු හැමෝටම රජයෙන් සුපිරි සහන මල්ලක් - අගමැතිනිගෙන් පොරොන්දුවක්

ඒ වගේම තාවකාලික පාසල් ඉදිකිරීම කෙරෙහිත් කඩිනම් අවධානය යොමු විය යුතුයි. සියලු දරුවන් වෙනුවෙන් රජයක් ලෙස අපි මැදිහත් වෙනවා, නමුත් ඒ වෙනුවෙන් නිවැරදි දත්ත අපිට අවශ්‍යයි. වතු ආශ්‍රිත පාසල් සඳහා වෙනම නිලධාරියෙක් සිටිනවා ඒ අය සම්බන්ධිකරණය කරගෙන නිවැරදිව දත්ත ලබා ගන්න කටයුතු කරන්න. පළාත් අධ්‍යාපන අධ්‍යකෂකවරුන් වගේම පළාත් සභා නිලධාරින්වත් මේ සඳහා නිවැරදිව සම්බනධිකරණය කළ යුතුයි. මන්ත්‍රිවරුන් ලෙස ඔබත් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න අවශ්‍යයි. දෙමළ මාධ්‍ය පාසල් සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා වෙනම දමිළ ගුරුවරුන් පුහුණු කරන්න අපි කටයුතු කරමින් යනවා ඒ වගේම මෙවර ගුරුවරුන් බඳවා ගැනීමේදි පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියයට පනහක් සම්පූර්ණ කරන්න කටයුතු කරනවා. පත්වීම් ලබා දුන්නම නියමිත පාසලේ වසර පහක් සේවය කළ යුතුයි."

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

ඊට අමතරව වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම මෙන්ම වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

එම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි