20-20 ක්‍රිකට් ගැටුමට සියල්ල සූදානම්.. ජය කාට ද?. අලුත් නායකයාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් වෙනසක්.. (VIDEO UPDATE)

Report

නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසන්නේ, ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී හොඳ පන්දු රකින්නන් කණ්ඩායමට එක්කර ගැනීමට තමන් කටයුතු කළ බවයි.

20-20 ක්‍රිකට් ගැටුමට සියල්ල සූදානම්.. ජය කාට ද?. අලුත් නායකයාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් වෙනසක්.. (VIDEO UPDATE) | Sri Lanka T20 Cricket Team

හෙට (14) ආරම්භවීමට නියමිත 20-20 තරගාවලියට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වනිඳු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සංචිතයට එක්වී සිටීම නිසා නවක ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබාගත හැකි බවයි.

හෙට රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙයි.

පැතුම් නිස්සංක හෙට තරගය වෙනුවෙන් සූදානමින් සිටින බව වනිඳු හසරංග අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ජාත්‍යන්තර 20-20 තරගාවලියක් වෙනුවෙන් වනිදු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

Sponsored By Sarrita Jewellery

20-20 ක්‍රිකට් ගැටුමට සියල්ල සූදානම්.. ජය කාට ද?. අලුත් නායකයාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් වෙනසක්.. (VIDEO UPDATE) | Sri Lanka T20 Cricket Team

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න,