ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි..

Report

අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07) චෙන්නායි බ්‍රෙව්ස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 27කින් ජය ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10දී කඩුළු 5ක් දැවී ලකුණු 126ක් රැස්කර ගැනීමට සමත් වුණා.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 15කදී ලකුණු 34ක් රැස්කර ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි.. | Sri Lanka Super Cricketers

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 15කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් ද සමග ලකුණු 32ක් රැස්කර ගනු ලැබීය.

ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි.. | Sri Lanka Super Cricketers

පන්දු යැවීමේදී චෙන්නායි බ්‍රෙව්ස් වෙනුවෙන් මොහොමඩ් නබී කඩුළු 3ක් දවා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

අනතුරුව පිටියට පැමිණි චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 55ක් රැස්කර ගත්තේ පන්දු 26ක් තුළදීයී.

ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි.. | Sri Lanka Super Cricketers

ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් මෙම තරගයේ වීරයා සම්මානය හිමිවූයේ දසුන් ශානකටයි.