බංග්ලාදේශයේ භූ කම්පනයෙන් 05ක් මරුට
By Kanchana
බංග්ලාදේශයේ හටගත් භූමි කම්පාවකින් පුද්ගලයන් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
මෙම භූ කම්පනය හට ගෙන ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට කිලෝ මීටර් 30ක් දුරින් පිහිටි නර්සිංඩි දිස්ත්‍රික්කය ආසන්නයේයි.
මෙම භූ කම්පනය රිච්ටර් මාපාංකයේ 5.5ක් ලෙස සටහන්ව තිබේ තවද මෙම භූ කම්පනයෙන් 460කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ වගේම ඩකා විශ්වවිද්‍යාලයෙන් පිටවීමට ළමයින් උත්සහ දැරිමේ දී සිදුවු තෙරපීමකින් සිසුන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
ඒ වගේම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ආපදා කළමනාකරණ ඒකක යුහුසුළුව කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.