පිළියන්දල - කොට්ටාව මාර්ගයේ දරුණු අනතුරක් - 7 ක් රෝහලට
By Mithu
පිළියන්දල - කොට්ටාව මාර්ගයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම දැවැන්ත ගැටීමත් සමඟ අදාළ ප්‍රදේශයට විදුලිය සැපයූ අධිබල විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.