ලංකාවට සුබ වෙයි - පළවෙනි දවස් 11ටම උතුරන්න සෙනඟ
වසරේ පළමු දින 11 තුළ දිවයිනට සංචාරකයින් 94,041 දෙනෙකු පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.
ඒ අනුව ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වේ.
ඒ 11,367ක් වශයෙන්.
එමෙන්ම ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවලින්ද සංචරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.
මීට පෙර 2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවට ද ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.