ලංකාවටම තවත් විදුලි කප්පාදුවක්ද? 7:00 සිට රාත්‍රී 9:00 දක්වා උපරිම විදුලි ඉල්ලුමක් ඇති බැවින් අනතුරු ඇඟවීමක්

Report

 නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන ඒකක තුනම එකවර බිඳවැටීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ ධාරිතාවක් අහිමි වී ඇති බැවින්, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව තුළ සීමිත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බවට ආචාර්ය විධුර රලපනාව මහතා අනතුරු අඟවන බව වාර්තා වේ.

එසේම අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකය යථා තත්ත්වයට පත්කර පද්ධතියට එක්කිරීමට අවම ලෙස තවත් දින හතරක් හෝ පහක කාලයක් ගතවනු ඇති බව සඳහන්.

එසේම ඔහු පෙන්වා දෙන්නේ ඉරිදා දිනයේදී කාර්මික කටයුතු අවම වීම හේතුවෙන් විදුලි ඉල්ලුම සාපේක්ෂව පහළ මට්ටමක පැවතීමත්, දිවා කාලයේදී සූර්ය බලශක්තිය පද්ධතියට එක්වීමත් නිසා ගැටලුවක් මතු නොවූවද, වැඩකරන දින ආරම්භ වීමත් සමඟ සමස්ත විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පද්ධතිය කළමනාකරණය කරගැනීම බරපතළ අභියෝගයක් වනු ඇති බවයි.

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

විශේෂයෙන්ම පෙරවරු 7:00 සිට රාත්‍රී 9:00 දක්වා වන උපරිම විදුලි ඉල්ලුම පවතින කාලසීමාවන් තුළ පවතින ජනන ධාරිතාව ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව බලධාරීන් දැඩි අවධානය යොමුකළ යුතු බව ඔහු සඳහන් කරන බව වාර්තා වේ.

එමෙන්ම ඩීසල් සහ දැවිතෙල් භාවිත කරන මිල අධික තාප විදුලි බලාගාර පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කළත්, මතු වන ඉල්ලුම සම්පූර්ණයෙන් පියවා ගත හැකිද යන්න ප්‍රශ්න සහගත බව සඳහන් කරන ආචාර්ය රලපනාව මහතා, එමඟින් දැරීමට සිදුවන අධික පිරිවැය අවසානයේදී ජනතාව පිටම පැටවෙනු ඇති බවද සඳහන් කරයි.

තවද බලාගාර යථා තත්ත්වයට පත්වන තෙක් පවතින විදුලි හිඟය කළමනාකරණය කරගැනීමට රජය වහා ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරන ඔහු, බලධාරීන්ගේ දිගුකාලීන උදාසීනත්වය ද විවේචනය කර ඇති බව සඳහන්.

චෝදනා මැද කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඉල්ලා අස් වෙයි.. රටම හොයපු කතාවේ ඇත්ත නැත්ත

චෝදනා මැද කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඉල්ලා අස් වෙයි.. රටම හොයපු කතාවේ ඇත්ත නැත්ත

"මෙවැනි මහා පරිමාණ බිඳවැටීම් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා විවිධ ආයතන හා කමිටු මඟින් නිර්දේශ රැසක් ඉදිරිපත් කළා. නමුත් එම කිසිදු නිර්දේශයක් නිසි පරිදි ක්‍රියාත්මක නොකර වගකීම් පැහැර හැර තිබෙනවා. දැන් කළ යුත්තේ බිඳවැටීමට ආසන්නතම හේතුව පමණක් සොයමින් සිටීම නොවේ. වඳුරා පැන්නේ කොතැනටද කියා සෙවීම පසෙකලා, මොන වඳුරා කොතැනට පැන්නත් පද්ධතිය නොවැටී ස්ථාවරව පවත්වාගන්නේ කෙසේද යන්න සොයාබලා ඊට කඩිනමින් පිළියම් යෙදීමයි," 

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්