යෝධසිංහට අහිමි වූ යෝධ බලාපොරොත්තුව

By Zara Mar 21, 2025 05:15 PM GMT
Report

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බිඳ වැටුණා.

මෙම ශූරතාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබුණා.

ඔහු සහභාගි වූ අවසන් පූර්ව වටයේ දෙවන තරගය මෙරට වේලාවෙන් ප.ව. 5.33ට පැවති අතර, එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

චමෝද් තත්පර 6.70ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළා.

මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්. 6.51කින් තරඟය අවසන් කරනු ලැබුවා.

දෙවන ස්ථනය තත්. 6.54කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට හිමි වුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරඟයට එක් වීමට සුදුසුකම් ලබාගත්තා.

මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ලබන සතියේ සිට ආනයනික වාහන වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන වෙළඳපොළට

සජබ සජබෙටම වළ කපා ගනියි

සජබ සජබෙටම වළ කපා ගනියි