මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා සොයා ගනී (VIDEO)

Report

මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා ශ්‍රී ලංකා වෛද්‍ය පර්‌යේෂණ ආයතනය කළ පරීක්ෂණයක දී සොයාගෙන ඇත. වයස අවුරුදු දහයක දරුවකුගේ මලපහ තුළින් මෙම වඳුරු පටිපණුවා සොයාගෙන තිබෙනවා.

කොළඹ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල සහ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගලගේ අධීක්ෂණයෙන් මෙම පර්‌යේෂණය සිදුකර ඇත.

වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ ප්‍රකාශ කළේ මීට පෙර සොයාගෙන තිබූ වඳුරු පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 40 ක් වන අතර මෙම වඳුරු පටිපණුවා සෙන්ටිමීටර් 70 ක පමණ දිගකින් යුතු බවයි.

ඇපල් සමාගමෙන් පසු ට්‍රම්ප් සැම්සුන් සමාගමටත් තර්ජනය කරයි

ඇපල් සමාගමෙන් පසු ට්‍රම්ප් සැම්සුන් සමාගමටත් තර්ජනය කරයි

මෙම වඳුරු පටිපණුවා Bertiella නමින් හඳුන්වනු ලබන අතර අණුක ජීව විද්‍යා පරීක්ෂණ මගින් එම විශේෂය සොයාගෙන තිබේ. මෙම වඳුරු පටිපණුවා ශරීර ගතවීම සිදුවන්නේ වඳුරන්ගේ මලපහ තුළ ඇති බිත්තර පස් සමග මිශ්‍ර වී පසෙහි ජීවත්වන මයිටන් එම බිත්තර ගිල දැමීමෙනි.

මෙහි දී මයිටාගේ ශරීරය තුළ දී එම බිත්තරය වර්ධනය වන අතර එම මයිටාවන් පලතුරක, පලාවර්ගයක හෝ පුද්ගලයකුගේ නියපොතු අතරට ගියහොත් ඒ මගින් ඔවුන් පුද්ගලයාගේ ශරීරයට ඇතුළුවීමක් සිදුවෙයි. මෙහි දී කුඩා අන්ත්‍රයේදී මයිටාවන් විනාශ වී බිත්තරය පටිපණුවෙක් බවට වර්ධනයවීමක් සිදුවන බව වෛද්‍ය පර්‌යේෂණ ආයතනය කියයි.

වඳුරන් ගැවසෙන ඕනෑම පළාතකින් මෙම වඳුරු පටිපණුවන් වර්ධනය වීමේ අවදානමක් ඇත. 

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී