ලන්ච් ෂීට් ගැන ඇහෙන භයානක කතාව

Report

ප්‍රමිතියෙන් තොර, තහනම් කරන ලද ලන්ච් ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලා 400ත් 500ත් අතර සංඛ්‍යාවක් රට පුරා නීති විරෝධීව හා හොර රහසේ පවත්වාගෙන යන බවට සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය වාර්තා කරයි.

ඒ අනුව එම සංගමයෙන් සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර මෙම ලන්ච් ෂීට් මෙරට නිෂ්පාදනය හා භාවිතය තහනම් කර ඇති පසුබිමක, මෙසේ හොර රහසේම ඒවා ක්‍රියාත්මක වෙමින් පැවතීම ගැටලු සහගත තත්ත්වයක් බවයි.

එමෙන්ම මෙම ලන්ච් ෂීට්, ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගත නොහැකි ආකාරයේ පොලිතින් බවට රජය මඟින් සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද සඳහන්.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ රජය මඟින් කොම්පෝස්ටබල් (compostable), ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලන්ච් ෂීට් විශේෂයක් හඳුන්වා දුන්නත් එය යුරෝපය ඇතුළු බටහිර රටවලට යෝග්‍ය බව‍යි.

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

එය මෙරට තුළ භාවිතයට නොගැළපෙන බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම එම විකල්ප ලන්ච් ෂීට් නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් වෙළඳසල් ඒවා භාවිතය ප්‍රතික්ෂේප කරන බවද පවසයි.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂණ කුමාර දක්වන්නේ මේ හේතුවෙන් එම නව ලන්ච් ෂීට් මෙරට තුළ නිෂ්පාදනය නොකෙරෙන බවයි.

එමෙන්ම ඔහු අවධාරණය කළේ මේ වන විට නීති විරෝධීව නිෂ්පාදනය කරන ලන්ච් ෂීට්වල ප්‍රමිතිය මෙන්ම තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට තරම් තාක්ෂණික දැනුමක් මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට නොමැති බවයි.

තවද සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා අවධාරණය කරන්නේ මේ වන විට යකඩ, කාඩ්බෝඩ්, ටයර්, රෙදිපිළි, කඩදාසි ඇතුළු සෑම අබලි ද්‍රව්‍යයක්ම මෙරට තුළ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙමින් පවතින පසුබිමක, ලන්ච් ෂීට්වලට ද එවැනි වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ කාර්යභාරයක් බවයි.

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්