ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙම තොරතුරු 2025 වසර සඳහා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය තුළින් හෙළි වී ඇත.

ඒ අනුව, 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 5,003ක් ලෙස සටහන් වී ඇති අතර, 2024 වසරේ එය ඩොලර් 4,546ක් විය. ඒ අනුව, වසරක් තුළ ඩොලර් 457ක වර්ධනයක් වාර්තා වී ඇත.

මුදල් අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් - CID ඇතුළු අංශ කිහිපයක් ක්‍රියාත්මකයි

මුදල් අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් - CID ඇතුළු අංශ කිහිපයක් ක්‍රියාත්මකයි

මීට පෙර වැඩිම අගය වාර්තා වී තිබුණේ 2018 වසරේදී වන අතර, එය ඩොලර් 4,372ක් ලෙස සටහන් විය. එසේම, 2022 වසරේ ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වූ අවස්ථාවේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464ක් ලෙස පහළ මට්ටමක පැවතිණි.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය යනු රටක සම්පූර්ණ නිෂ්පාදන හා සේවා වල මුළු වටිනාකම, එම රටේ ජනගහනයෙන් බෙදීමෙන් ලබාගන්නා අගයක් වන අතර, එය රටක ආර්ථික ශක්තිය හා නිෂ්පාදන හැකියාව මැන බැලීමට භාවිත වන වැදගත් මිනුම් දණ්ඩක් ලෙස සැලකේ. 

රූපවාහිනී නාලිකාවකට විමර්ශනයක් – අවසන් තීරණය අමාත්‍යංශයෙන්

රූපවාහිනී නාලිකාවකට විමර්ශනයක් – අවසන් තීරණය අමාත්‍යංශයෙන්