රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අඅරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා යළි ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයට එරෙහි නඩුව අද යළි කැදවා තිබුණි.
මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මීට සුළු මොහොතකට පෙර හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අඅරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ