මේකට විධායකයේ බලපෑමක් නෑ.. 22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය එව්ව ලිපියට රජයෙන් පිළිතුරක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විනිසුරුවරුන්ගේ සහ නිතීඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රජය සිය නිල මතය දන්වා ඇත.
විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීමට යෝජනා කර ඇති සංශෝධන මඟින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවයි.
එහෙත් ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ මෙය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවයි.
එම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික වශයෙන් නඩු ගොඩගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද එම ලිපියේ දන්වා ඇත.