ලංකාවට විශාලතම ඩොලර් ප්‍රමාණය මාර්තු මාසයේදී

Central Bank of Sri Lanka Dollars Sinhala news
By Hashini Apr 13, 2025 06:41 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකාවට වැඩිම ආයෝජන ප්‍රමාණයක් සිදු වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් හරහායි.

ඒ අතරින් මාර්තු මාසයේදී එය ඉතා ඉහල අගයක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා.

මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 කි.

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!

2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

මෙම ප්‍රමාණය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයක් ලෙසද සඳහන්.

මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වනවා.

ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණයක් 2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලබා තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා, ඔවුන් එකවර ලද මුදල් (Terminal benefits) විශාල වශයෙන් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේ මාසයේ දී, ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණා.

2021 ජනවාරි මාසයේ වාර්තා වී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3ක් ලෙසද වාර්තා වල සඳහන් වනවා. වි

දෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට 2024 සමස්ත වර්ෂය තුළ දී ඩොලර් මිලියන 6,575.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ඒවා තිබෙනවා.

මෙම දත්ත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තා ඇසුරින් ලබා ගෙන ඇත. 

තවත් භූ කම්පනයක්

තවත් භූ කම්පනයක්

ReeCha