අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න
පසුගිය අගෝස්තු 31 වනදා සැප්තැම්බර් 03 දක්වා ගත වූ දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම අඩුවී ඇතත් දෛනික විදුලි උත්පාදනය ක්රමයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ අගෝස්තු 31 දින මෙගාවොට් 2,947 ක් ලෙස පැවති උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920 දක්වා ක්රමයෙන් පහත වැටී ඇති බවයි.
මෙම කාලය තුළ දෛනික මුළු උත්පාදනය ගිගාවොට් පැය 57ත් 58ත් අතර අගයක පවත්වා ගෙන ගොස් ඇති අතර, පසුගිය 01 වන දා වැඩිම උත්පාදනය ලෙස ගිගාවොට් පැය 58.37 ක් වාර්තා වී තිබේ.