ඉන්දියාවෙන් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තෑග්ගක් - රජයේ විශේෂ අවදානය
රජය විසින් සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හදුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්දියාවේ ජෛව තාක්ෂණින ප්‍රමුඛයින් පිරිසක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා හමුවු අවස්ථාවේදී මේ බව පවසා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ දෙරටේ සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බවයි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රය ශක්තිමත් කිරීමට සහ වත්මන් සෞඛ්‍ය අභියෝගයක්ව ඇති බෝනොවන රෝග හදුනාගැනීම, පාලනය, ප්‍රතිකාර සේවා බලගැනීම සදහා තාක්ෂණික මෙවලම් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇත.