පොලිස් සේවයට බැඳෙන්න හීන දකිනවද? නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජයෙන් සූදානම්
පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ පොලිස් සේවයට ඉදිරියේදී නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අද (29) පැවැති ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
අවුරුදු 12-18 අතර ළමුන්ගේ මාධ්‍ය හැකියාව පෙන්වන්න විශේෂ අවස්ථාවක් - සැප්තැම්බර් 4,5,6 තෙදින පොලිස් මාධ්‍ය අංශය සූදානම්
ඒ අනුව මේ වන විට මානව සම්පත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවය සඳහා 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබුණු බවත් මේ වන විට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක හිඟයක් පවතින බවත් එම හිඟය සහිතව සේවාව පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් පොලිස්පතිවරයා පවසා ඇත.
තවද වසරකට පොලිස් සේවයෙන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම සහ වෙනත් හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් වන බවද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
"අපිට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණවත් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්‍යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ."