රාජ්ය අංශයේ පුරප්පාඩු රැසක් - පුරප්පාඩු පිරවීමට ලබන 31 දින පත්වීම් ප්රදානය
රජය විසින්, දීර්ඝ කාලයක් පුරා පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දෙමින් රාජ්ය දැව සංස්ථාවේ පුරප්පාඩු පිරවීමට තීරණය කර ඇත.
ඒ අනුව, වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10කට අදාළ පුරප්පාඩු 54ක් සඳහා සුදුසුකම් ලැබූ පිරිස වෙත නව පත්වීම් ලබාදීමට නියමිත අතර එම පත්වීම් ප්රදානය ලබන අගෝස්තු 31 වනදා රාජ්ය දැව සංස්ථාවේ ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්වීමට සැලසුම් කර ඇත.
රාජ්ය යාන්ත්රණය වඩාත් කාර්යක්ෂම, ඵලදායී මෙන්ම ජනතා හිතෛෂී සේවාවක් බවට පත් කිරීම රජයේ ප්රමුඛ ප්රතිපත්තියක් වන අතර, මෙම වැඩපිළිවෙළද එම අරමුණ යටතේ ක්රියාත්මකයි.
රාජ්ය සම්පත් කළමනාකරණය විධිමත් කිරීම, පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සහ රාජ්ය දැව සංස්ථාව නවීන හා ශක්තිමත් ආයතනයක් ලෙස ප්රතිව්යුහගත කිරීම සඳහා නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය වැදගත් වේ.