ඉඳලා හිටලා හොඳ වැඩත් කරන ශ්‍රී ලංකා පොලිසිය

By Gagana News Feb 26, 2025 01:31 PM GMT
Report

වයොවෘද්ධ ගිලන් වු මවකට පිහිට වු අපුරු පොලිස් නිලධාරියෙකු ජංගම දුරකථනයක සටහන් විය.

හැටන් පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ සේවය කරන ඔහු නමින් පොලිස් කොස්තාපල් අබරනාත් (100891) යන අයයි.

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)

මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ මවක් ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ප්‍රධාන මාර්ගයට පිවිසිමට පාලමක පඩිපෙලක් මතින් පහල බැසිමට නොහැකිව සිටි අවස්තාවේ රාජකාරි කටයුත්තක් සදහා මස්කෙලිය ප්‍රදේශයට ගොස් සිටි එම පොලිස් කොස්තාපල්වරයා ඒ බැව් දැක එම මව අසලට ගොස් කරුණු විමසා ඇය පඩිපෙලින් ආරක්ෂා සහිතව පහලට රැගෙනවිත් ඔහු සතුව තිබු රු 2000 ක මුදල වයෝවෘද්ධ මවට ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ලබා දි එම මවව කුලි ත්‍රිරෝද රථයකින් රෝහල වෙත පිටත් කර යවන අයුරු අසල සිටි පුද්ගලයෙකු විසින්සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

එම පොලිස් නිලධාරියා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු පොලිසියේ සේවයට බැදි වසර තුනකට ආසන්න කාලයක් බවයි අප විසින් සිදුකල සොයා බැලිමකදි අනාවරණය විය.