පොලීසිය සම්බන්ධයෙන් නව වසරෙ කරන්න යන විශේෂ දේ මෙන්න..

Report

පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුකර යැවීම අදියර හයක් යටතේ කරන ශක්‍යතා අධ්‍යයනයකින් පසු සිදුකරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම ශක්‍යතා අධ්‍යයනයට අනුව නිලධාරීන්ගේ පැමිණීම, මෙහෙයවීම, අපරාධ විසඳීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් වාර්තා ලබාගන්නා බවයි හෙතෙම කියා සිටියේ.

2024 වසර අවසන් ඉරුදින ලග්න කිහිපයකට සුබ ආරංචියක්..හැබැයි මේ ලග්න වල අය විමසිල්ලෙන් ඉන්න.

2024 වසර අවසන් ඉරුදින ලග්න කිහිපයකට සුබ ආරංචියක්..හැබැයි මේ ලග්න වල අය විමසිල්ලෙන් ඉන්න.


මේ වනවිට පොලිස් ස්ථාන රැසකම සිටින්නේ ගෙවුණු සමයේ දී දේශපාලන වශයෙන් පත්කරන ලද නිලධාරින් බව ද, ඒ බව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද පවසා තිබූ බව ද කී නියෝජ්‍ය ඇමැතිවරයා, මෙම නිලධාරීන් මාරු කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවයි වැඩිදුරටත් කියා සිටියේ.

නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ, පැවැති රජයන් මෙන් එක් දුරකථන ඇමැතුමකින් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට නියෝග නොකරන බවයි.

දිවයින පුරා අද විවිධ ප්‍රදේශ කාලගුණයෙන් කැළඹෙයි..එම ප්‍රදේශ මෙන්න.

දිවයින පුරා අද විවිධ ප්‍රදේශ කාලගුණයෙන් කැළඹෙයි..එම ප්‍රදේශ මෙන්න.


ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට පසුගිය 26 වැනිදා එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර ජනවාරි 01 වැනිදා සිට වාර්ෂික ස්ථාන මාරු ලැබීමට නියමිතව සිටි නිලධාරීන්ගේ ස්ථාන මාරු ලබන ජුනි 30 වැනිදා තෙක් නැවැත්වීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.