අගමැති හරිනි අද චීනෙට
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අද(12) රාත්‍රීයේ චීනය බලා පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය අද (12) සිට 15 දා තෙක් චීනයේ සංචාරයේ නිරත වනු ඇත. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන "එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්" යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.