ශ්‍රී ලංකාව - පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක්

Report

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් 2025 නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වෙන තුන්කොන් විස්සයි20 (T20I) ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන බව තහවුරු වී ඇත. මෙම තරගාවලිය 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වලට පුහුණුවීමේ අවස්ථාවක් ලබා දීම අරමුණු කර ඇත.

මෙම තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ද්වීපාර්ශවික T20I තරගාවලිය අවලංගු වන බවද වාර්තා වේ.

රුපියල තවදුරටත් බාල්දු වෙලා ඩොලරය ඉහළට

රුපියල තවදුරටත් බාල්දු වෙලා ඩොලරය ඉහළට

තරගාවලිය යටතේ එක් එක් කණ්ඩායම එකිනෙකාට එරෙහිව දෙවරක් තරග කරන අතර, මූලික වටයේ තරග 6කින් පසු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක නොවැම්බර් 29 වන දින ලාහෝර්හි ගදාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

නොවැම්බර් 17: පාකිස්තානය එරෙහි ඇෆ්ගනිස්තානය (රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය)

නොවැම්බර් 19: ශ්‍රී ලංකාව එරෙහි ඇෆ්ගනිස්තානය (රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය)

නොවැම්බර් 22: පාකිස්තානය එරෙහි ශ්‍රී ලංකාව (ගදාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්)

නොවැම්බර් 23: පාකිස්තානය එරෙහි ඇෆ්ගනිස්තානය (ගදාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්)

නොවැම්බර් 25: ශ්‍රී ලංකාව එරෙහි ඇෆ්ගනිස්තානය (ගදාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්)

නොවැම්බර් 27: පාකිස්තානය එරෙහි ශ්‍රී ලංකාව (ගදාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්)

නොවැම්බර් 29: අවසන් තරගය (ගදාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්)

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි