ලංකාවේ නව ආගමනයේ දොරටුව විවෘතයි - රජයේ අලුත්ම තීරණය මෙන්න
යුද්ධය පැවති සමයේ ශරී ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට නැවත ශරී ලංකාවට පැමිණීමේ දී ඇති වන බාධා ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, ඒ සඳහා වත්මන් ආගමන හා විගමන නීති සංශෝධනය කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.
යුද්ධ සමයේ උතුරු පළාන්තයේ ජීවත් වූ ජනතාවගෙන් යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර, ඔවුන් දැනට එහි සරණාගත කඳවුරුවල ජීවත් වෙති.
මෙම පිරිසට නැවත ශරී ලංකාවට පැමිණීමට ආගමන හා විගමන නීති බාධාවක් වී ඇති බැවින්, එම නීති සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
ඒ අනුව, කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.