හදිසි අසනීපයකදි හැර ආයේ රාජ්‍ය නිලධාරීන්ට මේ රැස්වීම මඟහරින්න බැහැ - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති දන්වයි

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් යම් ප්‍රදේශයක පවතින ප්‍රමුඛතම සංවර්ධන යාන්ත්‍රණය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වන බැවින්, එහි රැස්වීම් මගනොහැර නිලධාරීන් සහභාගී විය යුතු බවත් වෙනත් ඕනෑම සංවිධානයක රැස්වීමකට වඩා මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නිලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ ඉකුත් 18 දින පැවැති පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්. එහිදී රැස්වීමට නොපැමිණි නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු විමසමින් අමාත්‍යවරයා මෙම ස්ථාවරය පවසා ඇත.

එමෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණවලට අනුව, ජනතාවගේ ගැටලු විසඳීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කැඳවා ඇති අදාළ රාජ්‍ය නිලධාරීන් සාධාරණ හේතුවක් දැනුම් දීමකින් තොරව එයට සහභාගී නොවන්නේ නම් එමගින් ප්‍රදේශයේ ම සංවර්ධන වැඩ කටයුතු අඩාල වන බව ඔහු අවධාරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

තවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි කමිටු රැස්වීම් පවත්වන්නේ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් බවත්, එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ය.

"මෙතන ගන්නා තීන්දු තීරණ පිළිබඳව නිලධාරීන් දැනුවත් විය යුතුයි. හදිසි අසනීප තත්ත්වයක් වැනි මානුෂීය කාරණයකදී හැර මරණාධාර සමිති හෝ වෙනත් සංවිධානවල වැඩකටයුතු සඳහා මෙම රැස්වීම් මඟහැරීමට කිසිදු නිලධාරියෙකුට අවසර නැහැ"

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පවතින දිනවල රාජ්‍ය නිලධාරීන් වෙනත් කිසිදු බාහිර රැස්වීමක් යොදා නොගත යුතු බවට ද උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම යම් නිලධාරියෙකුට වෙනත් රැස්වීමක් යෙදී ඇත්නම්, සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවතින බව පවසමින් එම රැස්වීම්වල දින වෙනස් කර ගැනීමට හෝ වෙනත් නිලධාරියෙකු සහභාගී කරවීමට කටයුතු කළ හැකි බව ද චන්දන අබයරත්න මහතා පවසා ඇත.

අදත් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

අදත් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම මෙම රැස්වීමේදී ප්‍රදේශීය සංවර්ධන කටයුතු වලට අදාළ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ජනයාගෙන් ලැබී ඇති ඉල්ලීම් හා ඒ සඳහා ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජංගම ඉඩම් සායනයක් පැවැත්වීමට ද තීරණය කර ඇත.

මේ අතර මෙම අවස්ථාවට කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ සභාපති නීල් නවරත්න, උප සභාපති අයි.එම්.චන්ද්‍රදාස යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දුෂාන්ත මංජුල මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා මාතර ආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්