අද නාවික හමුදාවෙන් ආචාර වෙඩි මුර 25ක්

Report

78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) දින ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ජාතියට ගෞරව කිරීම සඳහා ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදුකර ඇත.

ඒ අනුව මෙය සිදුකර ඇත්තේ නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිටයි.

එමෙන්ම වෙඩිමුරයක් පවත්වා ආචාර පුද කිරීමේදී පිරිනැමෙන උපරිම වෙඩිමුර සංඛ්‍යාව වන වෙඩිමුර 25ක් පිරිනැමිම ජාතිය සඳහා පිරිනමනු ලබයි.

කෙසේ වෙතත් වෙඩිමුර පවත්වා ආචාර පුදකිරීමේ සම්ප්‍රදාය සඳහා 14 වන ශතවර්ෂය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් පවතියි.

අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි - ජනපති ජාතිය අමතයි

අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි - ජනපති ජාතිය අමතයි

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි