ශ්‍රී ලංකා මාස්ටර්ස් දෙවන තරගය අද

Kumar Sangakkara Sri Lanka Cricket South Africa National Cricket Team
By Dharu Feb 26, 2025 03:45 PM GMT
Dharu

Dharu

Report

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන දෙවන තරඟය අද (26) පැවැත්වේ.

දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරඟය ‍මුම්බායිහි ආචාර්ය ඩී.

වයි. පටිල් ක්‍රීඩාංගණයේ දී මෙය මෙරට වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භ වේ. දකුණු අප්‍රිකාව මෙම තරඟාවලියේ ක්‍රීඩාකරන පළමු තරඟය මෙය වේ. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරඟයට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ක්‍රීඩාකළ අතර, එහිදී ඔවුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 4ක තියුණු පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව,බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම් මෙහිදී ක්‍රීඩාකරනු ලබයි.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අනුව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකළ තරඟ 2ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි. එක් තරඟයක් ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එහි දෙවන ස්ථානය හිමිව ඇත. තරඟාවලිය මාර්තු 16වනදා දක්වා පැවැත්වේ.

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ReeCha