ශ්‍රී ලංකාව හා කුවෙට් රාජ්‍යය අතර නව වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරිමට සාකච්ඡා

Report

ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති එච්.ඊ. සලේ මුබාරක් අල්-සාරාවි මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා වර්තමාන මට්ටමෙන් ඉහළට ගෙන ඒම සඳහා කුවෙට් වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව අතර සෘජු සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රෙජිස්ට්‍රාර් සේවයට නව නිලධාරීන් 49 දෙනෙකුට පත්වීම්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රෙජිස්ට්‍රාර් සේවයට නව නිලධාරීන් 49 දෙනෙකුට පත්වීම්

]

එමෙන්ම දෙරටේ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමටද එකඟතාව පළ කෙරිණි. කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදන හා පශු සම්පත් ව්‍යාපෘති, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු අංශවල ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආයෝජකයන් සඳහා පවතින පහසුකම්, ආයෝජන දිරිගැන්වීම් සහ බදු සහන පිළිබඳවද කුවෙට් තානාපතිවරයා දැනුවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

මේ අතර, ශ්‍රී ලංකාවේ අන්නාසි සහ අඹ ඇතුළු පලතුරු සඳහා කුවෙට් වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම අපනයන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

කුවෙට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහස්ථ සේවකයන් සහ වෘත්තීයවේදීන් රටේ සංවර්ධනයට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති සලේ මුබාරක් අල්-සාරාවි මහතා සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාව උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි සුන්දර හා ආකර්ෂණීය රටක් බව සඳහන් කළ තානාපතිවරයා, දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර නව මට්ටමකට ගෙන යාම සඳහා කුවෙට් රාජ්‍යයේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවද අවධාරණය කළේය.

දිට්වා නිසා හානි වූ පාසල් යළි ගොඩනැගීමට සහ වතු ප්‍රදේශවල ගුරු හිඟය විසඳීමට පියවර ගන්නා බව හරිනි අමරසුරිය කියයි

දිට්වා නිසා හානි වූ පාසල් යළි ගොඩනැගීමට සහ වතු ප්‍රදේශවල ගුරු හිඟය විසඳීමට පියවර ගන්නා බව හරිනි අමරසුරිය කියයි