මැයි 1 දා මාලිමාවෙන් රට පුරා කරන්න යන දේ - රට පුරාම මැයි රැලි 21ක්
ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පළවෙනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය මැයි දින රැලි පවත්වන්නේ "ජන රජයට ජන බලයක්" යන තේමාවෙන් බව සඳහන්.
එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැලිය මහරගම දී පැවැත් වෙන බවත් මහරගම මැයි රැලියට අමතරව ජනාධිපතිවරයා නුවරඑළියේ මැයි රැලියටද සහභාගී වීමට නියමිත බවත් සඳහන්.
එබැවින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලි දෙකක්ද සෙසු මැයි රැලි ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වීමට තීරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර, යාපනය, මඩකලපුව, කඩවත, මාතර, මහනුවර, හලාවත, අනුරාධපුර වවුනියා, අම්පාර, කළුතර, තංගල්ල, කෑගල්ල, කදුරුවෙල, ත්‍රිකුණාමලය සහ වැල්ලවායේදී අඳාළ මැයි රැළි පැවැත් වීමට නියමිතව ඇත.