ට‍්‍රම්ප්ගේ බද්දෙන් ශ‍්‍රී ලංකාව ඇවිලෙයිද?
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද -Reciprocal Tax, ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් බලපෑමක් එල්ල විය හැකි බව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
එළඹෙන 2025 අප්‍රේල් මාසයේ සිට මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින බදු ආදායම් පරතරය දෙරටටම සමානුපාතිකව ක්‍රියාත්මක කිරීම මෙම නව බද්දේ අරමුණ බව වාර්තා වේ.
දැනට ලබා ඇති තොරතුරුවලට අනුව, ඇමෙරිකාව වසරකට ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලියන 3ක මිලදී ගැනීම් සිදු කරන අතර, ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් වසරකට ඩොලර් මිලියන 600ක මිලදී ගැනීම් කරයි.
මෙම තත්ත්වය යටතේ, ඇමෙරිකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 2කට වඩා වැඩි වෙළෙඳ අවාසියක් පවතින බැවින්, එය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සහ සේවා සඳහා බදු අනුපාත ඉහළ දැමීමට ඇමෙරිකාව සැලසුම් කරන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
මෙම බද්ද ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර, ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවලට බලපාන ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත බව ද වාර්තා වේ.
එසේම, භාණ්ඩ හෝ සේවා සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සලකන බව ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.
