තත්ත්වය නරක අතට - දැනටමත් 10ක් මරුට

Report

අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ.

තවද මේ වන විට ඇති වූ අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා වී ඇති අතර තවත් නිවාස 193ක් අර්ධහානි සිදුවී ඇත.

ලොරි රථයක් ලිස්සා අඩි 100ක ප්‍රපාතයකට වැටේ

ලොරි රථයක් ලිස්සා අඩි 100ක ප්‍රපාතයකට වැටේ

පවුල් 5ක පුද්ගලයින් 16 ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය. මේ අතර දිස්ත්‍රික්ක 07ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ,

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටිය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්ක්කය - හල්දුම්මුල්ල

ගාල්ල දිස්ත්‍රික්කය - නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට, බුලත්සිංහල, ඉංගිරිය

මාතර දිස්ත්‍රික්කය -⁠පිටබැද්දර, ⁠කොටපොල

මහනුවර දිස්ත්‍රික්කය - යටිනුවර, පාතහේවාහැට, ⁠ගඟවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය - මාවනැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය - කොලොන්න, ඇලපාත, ⁠රත්නපුර, අයගම, ⁠බලන්ගොඩ, ⁠කලවාන, ⁠ඉඹුල්පෙ, කහවත්ත, නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් විය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය - බණ්ඩාරවෙල, හපුතලේ, පස්සර, ඇල්ල

කොළඹ දිස්ත්‍රික්කය - පාදුක්ක

හම්බන්තොට දිස්ත්‍රික්කය- කටුවාන

කළුතර දිස්ත්‍රික්කය - ⁠මතුගම, ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය - ⁠උඩුනුවර, උඩපලාත, තුම්පනේ, ⁠උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, පස්බාගෙ කෝරළය, පාතදුම්බර, පන්විල

කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන, රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, අරණායක, කෑගල්ල, වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම, ⁠මාවතගම, ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය - නාඋල, යටවත්ත, රත්තොට, අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය- පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය - ⁠ඇඹිලිපිටිය, ඹ්පනායක, වැලිගෙපොල, කිරිඇල්ල

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ද දැනුම් දී තිබේ.

එමෙන්ම, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (24) සවස 2.30 සිට හෙට (25) සවස 2.30 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර ඇත.