ලොරි රථයක් ලිස්සා අඩි 100ක ප්‍රපාතයකට වැටේ
හැටන් නගරයේ සිට අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගිය ලොරි රථයක් මාර්ගයේ ලිස්සා ගොස් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීගොස් ඇත. පොලිසිය පවසන්නේ හැටන් කෝවිල් වීදිය මාර්ගයේදී සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියැදුරා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කළ බවයි.
හැටන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ හැටන්, ආරියගම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගොස් නැවත හැටන් නගරය දක්වා ධාවනය කරමින් සිටි අවස්ථාවේ පැවති වර්ෂාවත් සමග ලොරි රථය ලිස්සා ගොස් තේ වත්තට පෙරළී ඇති බවත්, ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරා පමණක් සිට ඇති බවත් අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන බවයි.
අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර මේ දිනවල පවතින වර්ෂාවත් සමග හැටන් - නුවරඑළිය සහ හැටන් - මහනුවර ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.