කොරියා, අබුඩාබි, ජපන් ඇතුළු රට යන්න හීන දැකපු හැමෝටම විදේශ රැකියා නි.ඇමතිගෙන් සුබ ආරංචියක් - හෙදියන්ටත් විශේෂ අවස්ථා

Report

අද(07) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් රැකියා ඇබෑර්තුවලට උපරිම ප්‍රයෝජන ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යනුවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මේ වන විටත් කොරියාව, අබුඩාබි සහ ජපානය සමඟ ගිවිසුම් රැසකට එළඹ ඇති බවයි.

එසේම කෙටි කාලයක් තුළ පුහුණු ශ්‍රමිකයින් යැවීමේ කටයුතු ඉක්මනින් සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පුද්ගලික පාඨමාලා හරහා ලියාපදිංචි වූ හෙදියන්ටත් විදේශ ගත වීමට අවස්ථා ලබා දීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළා.

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

" දැනට ගත්තොත් කොරියාවේ යොන්වාල් ගන් කියන ප්‍රාන්තෙත් එක්ක අපි ඊයේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා විශේෂයෙන්ම කෘෂිකාර්මික කම්කරුවන් සඳහා ඒ වගේම අබුඩාභිවලත් කෘෂිකර්මය සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් කරා. ඒ වගේම ජපන්වල Enterprise United Co-operative ආයතනයත් එක්ක අපි මේ මොහොත වන විට ගිවිසුම් අත්සන් කරලා විශේෂයෙන්ම SSW කාණ්ඩ යටතේ අපි පුද්ගලයො යැවීමට අදාළ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමා ජපානයේ මෙටා ටෙක්නෝ කියන ආයතනයක් සමඟ සාකච්ඡා කරමින් අයිටී ඉන්ජිනියර්ස්ලා යැවීමට අඳාළ කාර්යභාරයත් මේ වෙන කොට අපි ඉටු කරලා තියෙනවා.. විශේෂයෙන්ම අපිට අදහසක් තියෙනවා කෙටි කාලයක් තුළ පුහුණු ශ්‍රමිකයින් යැවීමට අඳාළ කරන මේ කටයුතු ටික සාර්ථකත්වයක් ලබාගැනීමට හැකිවෙයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි ජර්මනියත් එක යම්කිසි ගිවිසුමක් තියෙනවා විශේෂයෙන්ම හෙදියෝ ‍යැවීමට අඳාළ කරන නමුත් අපි දන්නවා හෙදියොන්ගේ පුරප්පාඩු ලංකාවෙම තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා පුද්ගලික ආයතන හරහා ඒ කියන්නේ පුද්ගලික පාඨමාලා හරහා ලියාපදිංචි වෙච්චි හෙදියන්ටත් යැවීමට අදාළ කරන ඒ අවස්ථාව මේ මොහොත වන විට අපි සකස් කරමින් පවතිනවා. ඒකට අදාළ කරන සාකච්ඡා ටිකත් අපි පවත්වාගෙන යනවා " 

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න