ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එය පස්වරු 3.00ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්විය.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහරදීමටය.
කෙසේවෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් සංවිධාකයින් තීරණය කළේ තරගය අත්හැර දැමීමටය.
ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වේ.