ශ්‍රී ලංකාවට ආපදා සහන උපකරණ ලබාදීම ගැන සාකච්ඡා - අමෙරිකාව සමඟ ආරක්ෂක සහයෝගීතාවත් පුළුල් කරයි

Report

ආපදා ප්‍රතිචාර, යටිතල පහසුකම්වල ස්ථායිතාව සහ ආරක්ෂක සහයෝගීතාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කැනඩාවේදී පවත්වා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක බලකා කාර්යාංශයේ ප්‍රධානී ජෙනරල් ස්ටීවන් නෝර්ඩාස් (General Steven Nordhaus) මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිරෝධීතාව ඉහළ නැංවීම සහ හදිසි අවස්ථාවලදී කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබේ.

රටේ ජංගම ගිණුම් ශේෂයේ හිඟයක් - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක් එළියට

රටේ ජංගම ගිණුම් ශේෂයේ හිඟයක් - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක් එළියට

මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත උපකරණ ලබාදීම හරහා මෙරට ආපදා ප්‍රතිචාර සූදානම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එමෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා නිතිපතා සංවාද පවත්වාගෙන යාමට එක්සත් ජනපදයට ආරක්ෂක ලේකම්වරයා ආරාධනා කර තිබේ.

ආපදා සූදානම, මානුෂීය ප්‍රතිචාර සහ ආයතනික ස්ථායිතාව සඳහා අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීම මෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවයේ විෂය පථය පුළුල් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු අතර වූ බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද සිට ඉදිරි දින කිහිපයේදී කාලගුණය රුදුරු වෙයි - ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී කාලගුණය රුදුරු වෙයි - ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්