රටේ ජංගම ගිණුම් ශේෂයේ හිඟයක් - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක් එළියට

Report

 2026 වසරේ ජූලි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවෙන් සඳහන් වේ.

එමෙන්ම මෙය වසර තුළ පිට පිටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිව්වැනි මාසය ලෙස සටහන් වී ඇති බවත් ඒ අනුව 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 552.2ක ද, මැයි මාසයේදී ඩොලර් මිලියන 194.5ක ද සහ ජූනි මාසයේදී ඩොලර් මිලියන 148.7ක ද වශයෙන් ජංගම ගිණුමේ හිඟයන් වාර්තා වී ඇති බවත් සඳහන් වේ.

අද දින පැය 24ක කාලයකට වතුර කැපෙයි - කොළඹ ඇතුළු මේ ප්‍රදේශ 28 ජනතාවට විශේෂ නිවේදනයක්

අද දින පැය 24ක කාලයකට වතුර කැපෙයි - කොළඹ ඇතුළු මේ ප්‍රදේශ 28 ජනතාවට විශේෂ නිවේදනයක්

මීට අමතරව 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මුල් මාස හයක කාලය තුළ ජංගම ගිණුමේ සමස්ත හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 387ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් නිර්මාණය වී ඇති වෙළෙඳ හිඟයයි.

මහ බැංකුව පවසන්නේ විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බවයි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

වෙළෙඳ ගිණුමේ හිඟය පිළිබඳව සලකා බැලීමේදී, 2025 වසරේ ජනවාරි - ජූලි කාලසීමාව තුළ ඩොලර් මිලියන 3,850ක්ව පැවති හිඟය, 2026 වසරේ එම කාලසීමාව වන විට ඩොලර් මිලියන 6,507ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම අභිබවා ආනයන සඳහා වැය වන පිරිවැය ඉහළ යාම මෙම ආර්ථික පීඩනයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.  

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්