තත්ත්වය භයානකයි - ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 1,024ක් - සියලුම පාසල් සහ රාජ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක්
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කර ඇත.
අඳාළ නිවේදනයට අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් වේ.
එසේම මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරන්නේ ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බවයි.
ජීවිත අවදානමක් - පැය 48 ට පසු මේ පරීක්ෂාවක් කර ගැනීම අතිශය වැදගත් - වහාම අමතන්නැයි සෞඛ්‍යයෙන් රතු එළි
එමෙන්ම ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී තිබෙන අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමුවූ බවද වෛද්‍යවරයා පැවසුවා. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006ක් රෝගීන් වාර්තා වී ඇත.
මෙයට මුලික හේතුව ලෙස ඔහු සඳහන් කළේ තවමත් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමට ජනතාව සම්පූර්ණයෙන්ම කටයුතු නොකිරීමයි.
එමෙන්ම වෛද්‍යවරයා, ඉදිරියේ දී රෝගීන් ප්‍රමාණය අවම කරගැනීමට නම් මදුරුවන් බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු බවද අවධාරණය කර සිටියා.
එසේම වෛද්‍ය කපිල කන්නංගර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැඩි වශයෙන් ඩෙංගු ව්‍යාප්ත වී ඇත්තේ රාජ්‍ය ආයතන සහ පාසල් ආශ්‍රිතව වන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසයි.