නායකත්වය වෙනස් වෙලාද..? ලෝක කුසලානයට යන අපේ කෙල්ලො ටික මෙන්න..

Report

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කෙරුණි.

මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය, චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි අතිරේක - කෞෂිනි නුත්‍යාංගනා