T20 world cup එකට ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වුනු හැටි මෙන්න.(PHOTOS)

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Charith Asalanka 2024 T20 World Cup Cricket Tournament
By Aruna May 11, 2024 04:27 AM GMT
Aruna

Aruna

Report

එළබෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) පස්වරුවේ සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන ජර්සිය නිර්මාණය කිරීමේ මෙම කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන අතර, ඒ අනුව එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සුවිශේෂී අවස්ථාව සිදු විය.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්ම මෙම අවස්ථාවට කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තවත් බොහෝ පිරිසක් සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇති බවටයි.

විශේෂයෙන් මෙම ජර්සියට මෙරට සංචාරක මරමස්ථාන ඇතුළත් කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උත්පේරකයක් වනු ඇති බවද නිර්මාණය කළ Moose Clothing සමාගම බලාපොරොත්තු වේ.

මෙම ජර්සියට මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් 'Nine Arches Bridge', හබරන 'අලි එකතුව', සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් මෙහි අන්තර්ගත කර ඇත.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 01වැනිදා ආරම්භ වන අතර, ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය ජූනි 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

GalleryGalleryGalleryGallery
ReeCha