ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නයිට් ක්ලබ් ගිහින් ද? - ඇත්ත ඔප්පු වෙයිද? - වෙන්න යන දේ මෙන්න. - (VIDEO)
මෙවර T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්..
"අපේ හිටපු අමාත්‍යවරයෙක් මං දැක්කා කියනවා අපේ කණ්ඩායම රාත්‍රී 12ට කොහෙදෝ එළියට ගිහිල්ලා තමයි අනිත් දවසේ ප්‍රැක්ටිස් එකට අවේ කියලා... අමෙරිකාවේ. මේක ඔප්පු කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට. නයිට් ක්ලබ් එකක හෝ පාටි එකක මේ ක්‍රීඩකයෝ මේ ටුවර් එක තුළ හිටියා කියලා. එහෙම කළොත් මම ඉල්ලා අස් වෙනවා. රටක් හැටිය දරුවන්ට උදව් කරන ඕනේ. මම දකින්නේ නෑ... සෝෂල් මීඩියා තුළ මඩ ගහලා, ජිල් බෝලයක්වත් ගහපු නැති උන් කතා කරන එක හරි කියලා."