ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලුත් බලාපොරොත්තුවක්..සනත් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.(VIDEO)

Report

ක්‍රීඩකයින් තව දුරටත් කැපවීමෙන් කටයුතු කළහොත් ඉදිරියේ පැමිණෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ ස්ථානයකට පැමිණිය හැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ අද (25) පැවති වැඩසටහනක දී අදහස් දක්වමින්.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ද සනත් ජයසූරිය මෙහි දී අදහස් දක්වා සිටියා.

සුළු සුළු විනිසුරු තීරණවලින් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ද අසාධාරණයක් වූ බවයි, එහිදී ඔහු සඳහන් කළේ.

ඒ, හේතුවෙන් අවාසනාවන්ත ලෙස තරගය පරාජයවීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න.