ලංකාවම බලන් හිටපු අද සවස 2.30. - කාසියේ වාසිය දිනා ලංකාව ගත් තීරණය මෙන්න.
By Wayomi
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද (07) පැවැත්වෙනවා.
ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය ජයගතහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.
තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජය ලබා ගත් අතර අද තරගය සදහා කණ්ඩායම් දෙකේ කිසිදු වෙනස්කමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.