කෝප් කමිටුව හමුවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය..
By Hashini
පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබෙනවා.
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසන්නේ අද පස්වරු 2ට කෝප් කමිටුව රැස් වන බවයි.
එම කමිටුවේදී 2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ දුෂණ හා අක්‍රමිකතා පිලිබඳ විගණන වාර්තාවෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගෙන් කරුණු විමසීමට නියමිතයි.
ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම කරුණු විමසීමට කෝප් කමිටුවේ සියලුම සාමාජිකයන් එක්වනු ඇති බවට වාර්තා වනවා.