ශ්‍රී ලංකා ක්‍රිකට් අද තීරණාත්මක සටනක..

By Aruna Nov 02, 2024 04:30 AM GMT
Report

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට එරෙහිව අද (2) දහවල් ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩාකළ සියලුම තරග ඊයේ අවසන් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් එදිනම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනු ලැබීය.

කෙසේ නමුත් ' බී' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට මූලික වටයේ එක් තරගයක් ඉතිරිව තිබුණා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව අද උදෑසන තිබූ එම තරගය ජයගැනීමට නේපාලයට සමත් වුණා.

ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම 'ඩී' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ අතර, එහිදී ඔවුන් බංග්ලාදේශය හා ඕමානය පරාජය කරමින් අපරාජිතව අර්ධ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබා ගනු ලැබීය.

නේපාලයද අපරාජිත කණ්ඩායමක් වන අතර, ඔවුන් ඔස්ට්‍රේලියාවට අමතරව එම කාණ්ඩයෙන් ක්‍රීඩාකළ එංගලන්තයද පරාජය කිරීමට සමත්ව සිටිනවා.

අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා - නේපාල තරගය මෙරට වේලාවෙන් ප.ව. 1.20ට ආරම්භවීමට නියමිතයි.